How to speed computer


pcnet-official-computer-speedup.jpg


ඔයාගේ computer එකත් slow වෙලාද? එහෙනම් මේක කියවන්න. slow වුණ computer එක speed කරගන්න Tips 5ක් තමයි මේ විදිහට අරගෙන ආවෙ.

මුලින්ම කියන්න ඕනෙ මේ දේවල් ගොඩක්ම වැදගත් වෙන්නේ windows OS එක පාවිච්චි කරන කෙනෙක්නම් තමයි. අපි දැන් බලමු මොනවද මේ Tips 5 කියලා


1.Startup apps on/off


Startup apps කියල කියන්නේ ඔයාගේ computer එක on වෙනවත් එක්කම Run වෙන apps වලට. ඉතින් ඔයාට පුලුවන් ඔ‍යාට අවශ්‍ය නැති apps on/off කරගන්න. මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න. 


Go to Start > Settings > Apps > Startup


pcnet-official-windows-10-setting.jpg




2. C drive cleanup

pcnet-official-c-drive.jpg


ගොඩක් වෙලාවට මෙන්න මේ C drive එකේ තමයි අපේ Windows OS එක install කරල තියෙන්නෙ. ඉතින් ඔයා Internet එකෙන් download කරන දේවල් download වෙන්නෙත් මෙන්න මේ C drive එකටමයි. ඉතින් හැම දාම මේ download folder එක clean කරන එක කරදරකාරී දෙයක්. ඉතින් මේකට ඔයාට කරන්න පුලුවන් දේ තමයි ඔයා පාවිච්චි කරන web browser එකේ download location එක වෙනස් කරන එක. උදාහරණයක් විදිහට මේකට D drive එක හෝ වෙනත් partition එකක් ලබා දෙන්න පුලුවන්. 


3. junk, temporary, registry file cleanup

pcnet-official-junk-temporary-registry-file-cleanup.jpg

බොහෝ වෙලාවට අපේ OS එක විසින්ම අනවශ්‍ය file නිර්මාණය කරනවා. කාලයක් යද්දි මේ දේවල් එකතු වෙලා ඔයාගේ computer එක slow වෙන්න ගන්නවා. ඉතින් ඔයාට පුලුවන් මේ වගේ file clean කරලා දාන්න. මේක windows තුලින්ම කරගන්නත් පුලුවන් තැතිනම් ඕන තරම් software තියෙනවා Internet එකේ download කරගන්න. ඒ වගේ software කිහිපයක link කිහිපයකුත් ඔයාට පහලින් බලා ගන්න පුලුවන්. 

🔗 Driver Booster - https://www.iobit.com/en/driver-booster

🔗 3D Chip - https://www.3dpchip.com/3dp/chip_down_lite

🔗 Driveridentifier - https://www.driveridentifier.com


4. drivers update




pcnet-official-windows-10-device-manager.jpg

මේක ගොඩක්ම වැදගත් දෙයක්. මුලින්ම බලමු drivers කියන්නෙ මොනවද කියලා. operating system එක සහ පරිගණකට සම්බන්ධ කරන device අතර සම්බන්ධතා ඇති කරන්න තමයි මේ drivers කියන දේ භාවිතා වෙන්නේ. උදාහරණයක් විදිහට අපේ computer එකට අලුතෙන්ම Graphic Card එකක් සම්බන්ධ කරොත් අනිවාරෙන්ම drivers update කරන්න සිද්ධ වෙනවා. ඔයා ගේම් ගහන කෙනෙක්නම් ගොඩක් වෙලාවට මේ ගැන ඔයා දන්නවා වෙන්න පුලුවන්. ඉතින් මේ Graphic Card නිෂ්පාදනය කරන සමාගම් විසින් අලුතෙන් එන ගේම්ස් ගහන්න අවශ්‍ය කරන උපරිම performance එක දෙන්න කාලෙන් කාලෙට මේ Graphic Drivers සඳහා update නිකුත් කරනවා. දැනට තියෙන Graphic Drivers update නැත්නම් ගොඩක් වෙලාවට සමහර ගේම්ස් paly කරන්න නොදී error එකක් එනවා. මේ Drivers update ක‍රොත් විතරයි මේ Game එක paly කරන්න පුලුවන් වෙන්නෙ. ඉතින් මේ විදිහටම තමයි අනිත් දේවල් වලටත් මේ drivers up to date තියාගන්න එක බලපාන්නෙ. 



5. defragmentation

pcnet-official-defragmentation.jpg


මේක ගොඩක්ම වැදගත් වෙන්නේ Hard disk drive(HDD) එකක් පාවිච්චි කරන කෙනෙක්ට. මේ ගැන සම්පූර්ණ විස්තරය මේ ලින්ක් එකෙන් බලන්න >>> https://bit.ly/4aQC763






1 Comments

Post a Comment

Previous Post Next Post